Teaspire Herbal Tea Pack

Teaspire Herbal Tea ඔබට නැවුම් තේ පානයක සුමිහිරි අත්දැකීමක් ලබා දීමට සමත් වෙනවා නිසැකයි. ආයුර්වේදීය වෛද්‍යවේදය තුල භාවිතා කරනු ලබන මහානුභාවසම්පන්න ඖෂධයන් සාම්ප්‍රධායික මිශ්‍රණ ක්‍රමවේදයන් ඔස්සේ තේ කොළ සමඟ මුසු කරමින්, විවිධ වූ ඖෂධ 8 ක මිශ්‍රණයන් වල එකතුවක් ලෙස Teaspire Herbal Tea ඔබ වෙත පැමිණෙනවා ඔබගේ ශරීරයට වගේම මානසික ඒකාඝ්‍රතාවයටත් විශාල ප්‍රතිලාභ රැසක් ගෙන එමින්.

ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.

මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

  • පොල්පලා ඖෂධීය තේ

පොල්පලා (Aerva lanata) ඖෂධය වේලා ගනිමින් සහ තත්ව පාලනයකට ලක් කොට ඖෂධීය තේ නිශ්පාදනය සඳහා භාවිතා කර ඇත.  වකුගඩු ගල්, මුත්‍රා බද්ධ ආසාදනයන් සඳහා ඉතාම හොඳ ඖෂධයක් ලෙස නිර්දේශ කර ඇත. 

 

  • රණවරා ඖෂධීය තේ

රණවරා (Cassia auriculata) ඉතාම ප්‍රභල ඖෂධයක් ශරීරයේ ලිංගික ජීවාත්මය නැවත නගා සිටුවමින්, ශුක්‍රාණු ප්‍රතිශතය වැඩි කරන්නට සමත් වනවා වගේම සමජාතීය ආබාධ වලට එරෙහිව ක්‍රියාකිරීමත් සිදු කරනු ලබනවා. එසේම කාන්තාවන්ගේ ඔසප් වීම් නිසා සිදුවන අපහසුතාවයන් මඟහැර ගැනීමට මෙම ඖෂධය ඉතා සුදුසුයි. 

 

  • බෙලි මල් ඖෂධීය තේ

බෙලි ශාකයේ නැවුම් පුශ්පයන් (Aegle marmelos) වේදනා සමනය කිරීමට, ආමාශයේ දැවිල්ල, බඩවැල ආශ්‍රිත ආභාධ සහ වමනය වැනි රෝගී තත්වයන් සඳහා ඉතාම හොඳ ඖෂධයක්. ඇදුම සහ මැලේරියා රෝගී තත්වයන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධය භාවිතා කරනු ලබනවා. 

 

  • වල් කොතලහිඹුටු ඖෂධීය තේ

වල් කොතලහිඹුටු (Scoparia dulcis) මධුමේහය ආශ්‍රිත රෝග සඳහා භාවිතා කල හැකි ස්වභාවික ඖෂධයක්. මෙම ඖෂධය කිසිදු අතුරු ආභාධ ගෙන දෙන්නේ නැති ඖෂධයක් වන අතර දිගු කල් භාවිතයේදී ඔබට නීරෝගිමත් සහ ප්‍රසන්න ජීවිතයක් ලබා දෙවි. 

 

  • මස්බැද්ද ඖෂධීය තේ

මැස්බැද්ද (Gymnema sylvestre) ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුල රුධිරයේ සීනි ප්‍රතිශතය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක්. මෙම ඖෂධය තුල සීනි ආහාරයට ගැනීමේ ආශාව අඩු කරවන සුලු හැකියාවන්ගෙන් සමන්විත වනවා වගේම මහ අන්ත්‍රය තුලට සීනි උරා ගැනීම අවම කරවනවා. එසේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරගැනීමටත් උපකාරී වනවා

 

  • කොතලහිඹුටු ඖෂධීය තේ

කොතලහිඹුටු (Salacia reticulata) දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී සහ ස්ථූලත්වය පාලනය කිරීම සඳහා ආයුර්වේදීය වෛද්‍ය ශාස්ත්‍රය තුල ඉතා බහුල වශයෙන් භාවිතා කරනවා.

 

  • නීරමුල්ලිය ඖෂධීය තේ

නීරමුල්ලිය (Hygrophila schulli) අක්මාව ආරක්‍ෂා කිරීමේ සහ මූත්‍රවර්ධක ගුණාංගයන් වලින් යුතු ඖෂධයක්. ඒ තුල අඩංගු වනවා ඔබගේ මුත්‍රා පද්ධතිය පිරිසිදු කිරීමේ සහ ක්‍රමවත් කිරීමේ ගුණාංගයන්. එනිසාවෙන් එය උපකාරී වනවා ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයන් ක්‍රමවත්, නීරෝගිමත් සහ සුවපහසු කරවන්නට. 

 

  • හීන්නෙරංචි (ගොකටු) ඖෂධීය තේ

හීන්නෙරංචි / හීන් ගොකටු (Tribulus terrestris) භාවිතා කරනු ලබනවා ආහාර ජීර්ණ පද්ධතිය  ක්‍රමවත් කරගැනීම සඳහා සහ වකුගඩු ගල්, මුත්‍රා ආසාදන, මුඛ රෝග සහ නාරිවේද ගැටලු සමනය කිරීම සඳහාත්. 

සම්බන්ධක නිශ්පාදන​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

HomePure 9-Stage Filter Cartridge

දීර්ඝ විස්තර​

HomePure NOVA Water Filtration System

දීර්ඝ විස්තර​