අප ඔබට භාවිතා කිරීමේ නියමයන් (“නියමයන්”) පදනම් කරගෙන මෙම වෙබ් අඩවිය හරහා අපගේ සේවාවන් සපයන්නෙමු. කරුණාකර නියමයන් පරීක්ෂාකාරීව කියවන්න. ඔබ මෙම වෙබ් අඩවිය භාවිතයෙන් අදහස් වන්නේ ඔබ අපගේ නියමයන් පිළිගෙන ඇති බවයි.

 

භාවිතා කිරීමේ බලපත්‍රය

 

මෙම අඩවිය වෙත ප්‍රවේශ වීමටත් එය පුද්ගලිකව භාවිතා කිරීමටත් අප ඔබට සීමා සහිත බලපත්‍රයක් ලබා දෙන්නෙමු. අපගේ ප්‍රකාශිත ලිඛිත එකඟතාවයකින් තොරව, අපගේ වෙබ්අඩවිය හෝ එහි කිසියම් කොටසක් හෝ බාගත කිරීම හෝ වෙනස් කිරීමට ඔබට අවසර නොමැත. අපගේ වෙබ්අඩවිය හෝ එහි කිසියම් කොටසක් හෝ ප්‍රති නිපැයුම් කිරීම, අනු පිටපත් කිරීම, පිටපත් කිරීම හෝ වෙනස් කිරීමට ඔබට අවසර නොමැත.

 

බාගතකිරීම

 

මෙම වෙබ්අඩවියෙහි, ඔබට බාගත කිරීමට ප්‍රකාශිතව අවසර ලබා දී ඇති දේ අප විසින් සපයා තිබිය හැක. එවන් දේ බාගත කිරීම මගින්, එම දේවල් ඔබගේ පුද්ගලික, වාණිජ නොවන භාවිතය සඳහා පමණක් භාවිතා කිරීමට ඔබ එකඟ වෙයි. එම දේවල්වල හෝ එහි යම් පිටපතක මුල් පිටපතේ තිබූ ප්‍රකාශන හිමිකම් සහ අනෙකුත් හිමිකාරීත්ව දැනුම්දීම් ඔබ එලෙසම තැබිය යුතුය. මෙම දේවල් කිසිඳු වාණිජමය කටයුත්තක් සඳහා භාවිතා කිරීමට හෝ වෙනයම් වෙබ්අඩවියක පළ කිරීමට ඔබට අවසර නොමැත.

 

ඉලෙක්ට්‍රොනික සන්නිවේදන

 

අපගේ වෙබ්අඩවිය හරහා ඔබ යම් ගනුදෙනුවක් සිදුකරන විට හෝ අප වෙත ඊමේල් එවන විට, ඉලෙක්ට්‍රොනිකව අප වෙතින් සන්නිවේදන ලැබීමට ඔබ එකඟ වන අතර අප විසින් ඔබ වෙත ඉලෙක්ට්‍රොනිකව සපයනු ලබන සියලුම එකඟතා, දැනුම්දීම්, හෝ වෙනයම් සන්නිවේදන ලිඛිතව තිබිය යුතු බවට වන යම් නෛතික අවශ්‍යතා සපුරාලයි.

 

ප්‍රකාශන හිමිකම්

 

පෙළ, චිත්‍ර, රූප, ලාංඡන සහ මෙම වෙබ්අඩවියෙහි අන්තර්ගත සම්පාදනය ද ඇතුලුව මෙම වෙබ්අඩවියෙහි අන්තර්ගතය අපගේ බුද්ධිමය දේපළ වේ.

 

පුද්ගලික දත්ත

 

ඔබ විසින් මෙම වෙබ්අඩවිය හරහා අප වෙත එවනු ලබන සියලුම පුද්ගලික දත්ත අපගේ පුද්ගලිකතා ප්‍රතිපත්තිය මගින් පාලනය වේ.

 

තෙවන පාර්ශ්ව වෙබ්අඩවි වෙත සබැඳි

 

අපගේ වෙබ්අඩවියෙහි තෙවන පාර්ශ්ව වෙබ්අඩවි වෙත සබැඳි ලබාදී තිබිය හැක. කෙසේවෙතත්, එම තෙවන පාර්ශ්ව වෙබ්අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් අප වගකීමක් නොදරන්නෙමු. කරුණාකර අපගේ අයිතිය අත් හැරීමේ ප්‍රකාශය කියවා බලන්න.